වර්ෂයකට විශේෂිත වූ විවිධ ලෝක සැමරැම් දින හා ජාතික සැමරැම් දින රැසක් ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.මේ කියන්න යන්නේ එම දිනයන් අතුරින් වැඩි අවධානයක් යොමු නොවූ නමුත් ඉතා වැදගත් දිනයක් වන ජාතික වීර දිනය හා ශ්‍රි ලංකා ජනරජ දිනය පිළිබඳවයි.
මට මතකයි අපි පුංචි කාලයේ අපේ ඉතිහාස පාඩමේ රසවත් සහ අභිමානවත් පාඩමක් වුණේ යටත්විජිතවාදයෙන් රට මුදවාගැනිම.
ඒ කාලයේ ඒ තරම් දැනීමකින් පාඩමට සවන් නොදුන්නාට දැන් දැන් අවබෝධ වන කරැණක් තමයි යටත්විජිතවාදීන්ට යටත්ව සිටියානම් මේ තිබෙන නිදහස මුළුමනින්ම නැතිව යන වග.
ඔබ කවුරැත් දන්නා මේ සිදුවීම නිසා ලංකාව,අවසන් යටත්විජිතවාදී ජාතිය වූ බ්‍රිතාන්‍යයන් සමඟ නොනිමි අරගලයක නිරතවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීය.1948දී ලබාගත් එම ඩොමීනියන් තත්වයේ නිදහස සිහිකිරීම පිණිස ත් ඒ වෙනුවෙන් ලේ,දහඩිය හෙලූ ලාංකිය වීරයන් සිහිකිරිම පිණිසත් මැයි 22 දින වෙන් කරන ලදී.
ඇත්තෙන්ම අද අප භුක්ති විඳින නිදහසේ උරැමකරැවන් කවුද?අද සිහිපත් කරන ජනරජ දිනය නැතත් ඉහත කී කරැණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු නොවේද?
👉 අනගාරික ධර්මපාලතුමා
👉 බූටෑවේ රටේ රාළ
👉 හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
👉 වීර පුරන් අප්පු
👉 ගොංගාලේ ගොඩබණ්ඩා
👉 මොනරවිළ කැප්පෙටිපොළ
👉 මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
ආදී සෑම විරැවෙකුම රට වෙනුවෙන් සිදුකළ අපරිමිත කැපකිරීම් කෙසේනම් අමතක කරන්නද?
එසේනම් ඔවුන් වෙනුවෙන් ජාතික දිනයක් වෙන්කිරීම ම පමණක් ප්‍රමාණවත් නොවේ.එම දිනය සිහිපත් කොට ජාතික වීරයින් සඳහා ගෞරව කිරීම මෙරට පාලක පන්තියේ පටන් සෑම පුරවැසියෙකුගේම වගකීමකි.
එතැනින් නොනැවතී නැවතත් මෙරට ගිනිගත් 30 වසරක එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් බැට කෑ දේශය යළි දිනාදුන් අපගේ රණවිරැවන් ද සිහිපත් කිරීම මෙම දිනයේදී සිදුවිය යුතුය.තම ජීවිත පරදුවට තබා දෙමළ ඊළාමය සිහිනයක්ම පමණක් කළ රණවිරැවා වෙනුවෙන් සාධාරණයක් සිදුවී ඇත්දැයි පාලක පන්තියෙන් විමසිය යුතුය.
කෙසේ නමුත් ලේ දහඩිය වගුරැවා දිනාදුන් මෙම දේශය ජාති,ආගම්,කුල භේදයකින් තොරව රැකගැනීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ද අද දිනයේ සිහිපත් කළ යුතුමය.

Comments
Post a Comment