තොරතුරැ තාක්ෂණයේ උපරිම දියුණුව කරා ළඟා වී ඇති අපට අද ලොව එක් කෙලවරක සිදුවන ඕනෑම සිදුවීමක් ජනමාධ්‍ය තුළින් ඒ ඇසිල්ලෙන්ම දැනගැනීමේ හැකියාව පවතී.ඒ තරමට අද ජනමාධ්‍ය තාක්ෂණික අතින් දියුණුවක් ලබා ඇත.
විශේෂයෙන්ම දියුණු රටවල ලොව පුරා සිදුවන තොරතුරැ එක්රැස් කර බෙදාහැරිීම සඳහාම සංවිධානය වූ ආයතන පවතී.මේවා ප්රවෘත්ති ඒජන්සි ලෙස හඳුන්වයි.ව්‍යාපාරයක් ලෙස ප්රවෘත්ති අලවියේ යෙදී සිටින මෙවැනි ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වූ ප්රවෘත්ති ඒජන්සි බොහෝමයකි.එවැනි සුප්‍රකට ප්රවෘත්ති ඒජන්සි කීපයක් ගැනයි අද කතා කරන්න හිතුවේ.
ප්රවෘත්ති ඒජන්සියක් යනු...
ගුවන් විදුලි, රෑපවාහිනී විකාශන,පුවත්පත්,සඟරා හා වාර ප්‍රකාශන සඳහා ප්රවෘත්ති සැපයීමට මාධ්‍යවේදීන් විශාල පිරිසකගෙන් සැදුම්ලත් සංවිධානයකට ප්රවෘත්ති ඒජන්සියක් යැයි කියනු ලැබේ.මේවා ප්‍රාදේශියව හෝ ජාතික ව හෝ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වනු ඇත.
ප්රවෘත්ති ඒජන්සියේ ඉතිහාසය
ලොව පැරණිතම ප්රවෘත්ති ඒජන්සිය වන්නේ ඒජන්සි ෆ්රාන්ස් ප්‍රෙස්(agency france press) ය.පැරීසියේ සිටි පරිවර්තකයකු හා දැන්වීම් ඒජන්තවරයෙකු වූ චාර්ල්ස් ලුවිස් හවාස් විසින් මෙය ආරම්භ කර ඇත.එය මුලින්' ඒජන්සි හවාස්' ලෙස හැඳින්වීය. ඔහු යටතේ සේවය කළ අය අතුරින් දෙදෙනකු වූ ජුලියස් රොයිටර් හා බර්නාඩ් වුල්ෆ් පසු කලෙක තවත් ඒජන්සි දෙකක් බර්ලිනයේ හා ලන්ඩනයේ ආරම්භ කෙරිණි.පසු කලෙක මේ දෙදෙනා ඇරඹූ ප්රවෘත්ති ඒජන්සි දෙක හවාස්ගේ ඒජන්සිය අතර ගිවිසුමක් අත්සන් කෙරිණි.ඉන් ප්රවෘත්ති හා දැන්වීම් එම ඒජන්සි අතර හුවමාරැ කිරිමට එකඟතාවයන් ඇතිකරගත් අතර එයින් යුරෝපයේ එකිනෙකට වෙනස් වූ විවිධ කොටස් අතර ප්රවෘත්ති ජාලයක් ඇතිවිය.
ඒජන්සි හවාස් ආරම්භ වූයේ 1835 දීය.ලොව පළමු ප්රවෘත්ති සේවය ලෙස ප්‍රංශයේදී ආරම්භ කළ මෙහි 1815 දී විදේශීය පුවත්පත්වල පළ වු ලිපි පරිවර්තනය කරමින් ඒවා ප්‍රංශ ප්රවෘත්ති පත්‍ර වලට යැවීමට කටයුතු කර ඇත.කාලයත්ම සමඟ මේ කටයුත්ත විධිමත් ව පවත්වා ගැනීමට ඔහු විසින් "බියුරෝ හවාස්" ලෙස ආයතනයක් ආරම්භ කරන ලදී.පසුව එය වැඩිදියුණු වී ඒජන්සි හවාස් ප්රවෘත්ති ආයතනය බිහි විය.
මෙහි ප්රවෘත්ති සේවාව මුලින්ම සිදු වූයේ දුම්රිය තැපැල් මඟිනි.පසුව ශීඝ්‍රගාමී පරෙවි සේවාවක් යොදාගත් හවාස් මහතා 1844 දි විශාල පරිවර්තනයකට පියවර තබන ලදී.එනම් ටෙලිග්රාෆ් ක්‍රමයෙන් බැහැර වූ අඩු වියදමින් නගර අතර තොරතුරැ හුවමාරැ කරගැනීමෙ සේවාවක් ලෙස සිදුවීමයි.මෙය 1893දි ඇසෝසියේටඩ් ප්‍රෙස් ඔෆ් ඉලිනොයිස් නම් ආයතනයට පවරා ගැනින.
බර්ලින් ටෙලිග්රාෆිස්වේ ඇන්ස්ටෝල්ට් ප්රවෘත්ති සේවය
ටෙලිග්රාෆ් කම්බි මඟින් ප්රවෘත්ති බෙදාහැරීම ඔස්සේ 1849 ජනවාරි 11 දින මෙම සේවාව ආරම්භ විය.මෙහි ආරම්භකයා යුරෝපීය ජාතික වෛද්‍ය බර්නාඩ් වූල්ෆ් මහතාය.ඔහු තම භාෂා දැනුම භාවිතයෙන් ඒජන්සි හවාස් හි පරිවර්තකයෙකු ලෙස සේවය කර ඇත.ඉන් පසු පුවත්පත් කතුවරයෙකු වූ අතර තමාගේම ප්රවෘත්ති සේවයක් ලෙස Berlin telegraphische anstalt ආයතනය ආරම්භ කරන ලදී.
රොයිටර් පුවත් කාර්යාලය
ප්‍රථම ප්රවෘත්ති සේවාව වූ ඒජන්සි හවාස් ආයතනයේම භාෂා පරිවර්තකයෙකු වූ පෝල් ජුලියට් රොයිටර් මහතා 1849 පැරීසියේ ආචේන් හි ප්රවෘත්ති ආයතනයක් ආරම්භ කර ඇත. මේ සඳහා කුරැල්ලන් 40ක් යොදාගෙන ඇත.1851 දි ඔහු ලන්ඩන් නුවර කාර්යලයක් පිහිටවා එය රොයිටර් මහතාගේ කාර්යාලය ලෙස නම් කර ඇත.
මෙම කාර්යාලය මඟින් ඉන්දියාව,චීනය වැනි පෙරදිග රටවලට ප්රවෘත්ති බෙදාහැරියේය. 1865 දි මෙය "රොයිටර් ටෙලිග්‍රෑම් කම්පැනි ලිමිටඩ්" ලෙස වෙනස් වූ අතර 1878 න් පසු එහි පාලනය ඔහුගේ වැඩිමහල් පුතු අතට පත් විය.
ඒජන්සියා ටෙලිග්රාෆා ස්ටෙෆානි ආයතනය
ගුග්ලිමෝ ස්ටෙෆානි මහතා ආරම්භ කළ මෙම ඒජන්සිය මඟින් ඉතාලිය හා අවට රටවල් වෙත ප්රවෘත්ති බෙදාහැරිම සිදු විය.නමුත් 1861 දී ස්ටෙෆානි මහතා ගේ අභාවයෙන් පසු මෙම පුවත් සේවය ඒජන්සි හවාස් සේවයට එක් විය.
ප්රවෘත්ති ඒජන්සි වල වාණිජමය සේවා
ප්රවෘත්ති ඒජන්සි එකට එක්වි ප්රවෘත්ති අලෙවි කිරීම සිදු කරයි.(තොම්සන්,රොයිටර්,UPI) අනෙකුත් ඒජන්සිද විශාල මාධ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරයි. ප්රවෘත්ති ලබා ගැනීම එක් මධ්‍යස්ථානයකින් සිදු කෙරේ.පසුව ප්‍රාදේශියව වැදගත් ප්රවෘත්ති බෙදා හරී.රජයන් මඟින් පාලනය වන ප්රවෘත්ති ඒජන්සි ද පවති( රැසියාවේ ITAR).
මේ ආකාරයට ලබා ගන්නා ප්රවෘත්ති එක් ඒජන්සියක් මඟින් තවත් එකකට යැවීමට ටෙලිග්රැපි,අන්තර්ජාලය වැනි ක්‍රම භාවිතා වේ.

Interesting
ReplyDelete