මං මේ කියන්න යන්නේ මේ දිනවල ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාහල් කේන්ද්‍රව තිරගතවන නවතම සිනමාපටයක් වන 'සුබා තෙරණියෝ'පිළිබඳවයි.
සුමිත් කුමාර අධ්‍යක්ෂණයෙන් හා ආනන්ද සමරසිංහ,බිසර චානක්‍ය අතින් නිෂ්පාදනය වූ මෙය තිරගත වීම ආරම්භ වුනේ මැයි මස 15 දිනයි.ඒ මෙවර සමරනු ලැබූ 2562 වන සම්බුද්ධ ජයන්තිය කේන්ද්‍ර කරගෙනයි.බෞද්ධ ථෙරි ගාථා 34ක් දේශනා කළ සුබා තෙරණියගේ චරිතය මෙහි ප්‍රධාන වන අතර ඒ සඳහා රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය නිළි රැවන්ගි රත්නායක යි.සෙසු චරිත ලෙස රොෂාන් රණවන,ශ්‍රියන්ත මෙන්ඩිස්,දිල්හානි ඒකනායක,මහින්ද පතිරගේ,මැණික් පෙරේරා හා උදයන්ති කුලතුංග යන සමකාලීන නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වේ.
ඇත්තෙන්ම සුබා තෙරණිය පැවිදි වීමට පෙර 'ජීවකම්භාවනිකා' නමින් ගතකළ ගිහි ජීවිතය පිළිබඳවත් මෙහි ඉතාම රසාත්මක අයුරින් ඉදිරිපත් කර තිබේ.
ලස්සන,පෙනුම,මුදල් යනු අපේ ජීවිතයේ තාවකාලික දේවල්ම පමණක් බව අවබෝධ කරවන වීර්යවන්ත මහරහත් තෙරණියක් වූ සුබා තෙරණියගේ චරිතයට පණ පොවන රැවන්ගි රත්නායක නම් පවසන්නේ,මෙම චරිතය හරහා ඇයගේ රංගන ජීවිතයේ විශාල වෙනසක් සිදුවු බවයි.
ඔන්න දැන් ඔයාලටත් පුළුවන් මේ නවතම සිනමාපටය නරඹා අපත් සමඟ ඔබේ අදහස් බෙදාගන්න.

Lassanai ee film eka
ReplyDelete