ලොව පුරා ප්‍රචලිත වූ බොහෝ රෑපවාහිනී ටෙලිනාට්‍ය මාලා අතුරින් ඉතා වේගයෙන් ලොව ජනප්‍රියත්වයට පත් වූ අර්ථවත් ටෙලිකතා මාලාවක් තමයි 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්'.වර්තමානයේ අපේ රටේත් ළමා,තරැණ පිරිස් අතර මෙය ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබේ.
මේ වන තෙක් ඔබ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කුතුහලයකින් නැරඹුව නමුත් එහි ප්‍රභවය පිළිබඳ එතරම් තැකීමක් නොකරන්නට ඇති.මේ කියන්න යන්නේ එහි ආරම්භය පිළිබඳව යි.
ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍රව නිර්මාණය වූ මෙය ෆැන්ටසි ප්‍රභේදයට අයත් කතා මාලාවකින් අඩංගු වේ.නමුත් එහි නිරෑපිත ලෝකය මධ්‍යකාලීන යුරෝපයේ ස්වරෑපයට යම් සමානකමක් දක්වන බවද පෙනෙයි.
කෙසේ නමුත් මෙය නිර්මාණය ට මුලිකත්වය ගත්තේ, ඩේවිඩ් බෙනියෝෆ් හා ඩබ්.බී වෙයිස් යන පුද්ගලයින් වේ.එය නිර්මාණයට මූලාශ්‍ර වී ඇත්තේ ජෝර්ජ් ආර්.ආර් මාටින් විසින් රචිත "A songof ice and fire" නම් ෆැන්ටසි නවකතා මාලාවයි.එහි පළමුවැන්න A Game of thrones වේ.
(ජෝර්ජ් ආර්.ආර් මාටින්)
බෙල්ෆාස්ට් නුවර චිත්‍රාගාරයක් හා ක්‍රොයේෂියාව,අයිස්ලන්තය,මෝල්ටාව,මොරොක්කෝව,උතුරැ අයර්ලන්තය,ස්කොට්ලන්තය ආදී ස්ථාන රැසක් තුළ මෙහි රෑගත කිරීම් සිදුව තිබේ.
මේ ආකාරයට නිර්මාණය වූ Game of Thrones හි season 1 මංගල දර්ශනය සිදුවූයේ 2011 අප්‍රේල් මස 17 දින HBO නාළිකාවේ ය.එතැන් පටන් ප්‍රේක්ෂක කුතුහලය හා ත්‍රාසය ඇතිකරවන ලෙසින් සාර්ථක අවසානයක් කරා ළගාවූයේද 2019 අප්‍රේල් මස 15 දිනයි.ඒ කතාංග 6 ක් සහිත season 8 විකාශයට පත්කිරීමත් සමඟයි.
වෙස්ටරස් නම් මහද්වීපයක ඇති රාජධානි 7 ක සිටින වංශවත් පවුල් 7ක් විසින් Iron Throne නමැති සිංහාසනයකට අයිතිවාසිකම් කීමට සිදුකෙරෙන සාහසික අරගලයන් මෙම කතාමාලාවට පාදක වී ඇත.
අතිශය සංකීර්ණ පුද්ගල චරිත හා සංකීර්ණ දේශපාලන වටපිටාවකින් යුත් සිදුවීම් වලින් සමන්විත වූ මෙම ටෙලිනාට්‍ය මාලාව තුළ විශිෂ්ඨ චරිත රැසක් ද හඳුනාගත හැක.Ned stark,catelyn stark,Robert baratheon,jaime lannister,Tyrion lannister,Daenerys Targaryen එහි සුවිශේෂි චරිත වේ.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් සඳහා වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ලබා ගැනීමට එය විකාශය කරන HBO නාළිකාවට හැකිව තිබේ.ලෝකයේම අවධානයට පත් වු මෙම ටෙලි කතා මාලාව තුළ එන කතාන්දරය,රංගනයන්,විෂය ක්ෂේත්‍රයන් හා නිෂ්පාදන අගයන් පිළිබඳ බොහෝ විචාරකයන්ගේ මහත් ගෞරවයට පත්ව ඇත.Game of thrones,
💎 2015 වසරේ දි කැපී පෙනෙන ටෙලිනාට්‍ය මාලාව ලෙස ප්‍රයිම් ටයිම් එමී සම්මානය ලබා ගන්නා ලදී.
💎 හොඳම නාට්‍යයමය ඉදිරිපත් කිරීමට හිමි වන හියුගෝ සම්මාන 3ක් ද හිමිකරගෙන ඇත.
💎 මෙහි ටිරියන් ලැනිස්ටර් නම් චරිතයට පණ පොවන පීටර් ඩින්ක්ලේජ් විසින් එමී සම්මාන 2ක් හා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක්ද දිනාගෙන ඇත.
💎 තවද Game of thrones හි IMDB දර්ශකයන්ගේ අගය 9.5/10 ක ඉහළ අගයක් ගෙන ඇත.මෙවැනි ජයග්‍රහණ හා තවත් සම්මාන 313 ක් පමණ ලබාගැනීමට මෙම කතා මාලාවට හැකි විය.
ආදරය,වීරත්වය,පරපීඩක ආශාවන් වැනි හැඟීම් සමුදායක් උච්චත්වයට ගෙන එමින් ප්‍රේක්ෂක රසාත්මකතාවය ඉහළ අගයකට ගෙන ඒමට හැකි වූ මෙම සුපිරි ගණයේ ටෙලිනාට්‍ය මාලාව අවසානයට පත්වීමනම් ප්‍රේක්ෂකයාට සතුටුදායක නොවේ.
ලොව පවතින සුපිරි ගණයේ රෑපවාහිනී ටෙලිනාට්‍ය මාලා අතුරින් යථාර්ථවාදි ජිවිතයට ද සමීප ව නිර්මාණය වූ ගේම් ඔෆ් ත්‍රෝන් නැරඹීමට අතපසු වූයේනම් ඔබත් අදම එය රසවිඳින්න.
Comments
Post a Comment