ඇයයි මගේ උරැමකාරී...

කටු බොරළු මාවතක් ඔස්සේ යමින් මල් මාවතකට ප්‍රවිශ්ඨ වීමට ඇති එක් මාර්ගයක් තමයි විශ්ව විද්‍යාලය කියන්නේ.රටක උගත් බුද්ධිමත් ශිෂ්‍ය පිරිස තෝරාගන්නේද මේ විශ්ව විද්‍යාල පද්ධතිය හරහාය.
       කොහොම නමුත් සාමාන්‍ය සමාජයෙන් වෙන් වූ උප සංස්කෘතියක් පවතින විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආදරය,⁣ප්‍රේමය කියන දේත් හරිම වෙනස්.නිදහස් තාරැණ්‍යයට ආදරය රිසි සේ විඳීමට ඇති තෝතැන්නක් ⁣වෙන්නෙත් විශ්ව විද්‍යාලයමයි .මේ විශ්ව විද්‍යාල ඉතිහාසය තුළ කොයිතරම් අමරණීය වූ ප්‍රේමවෘතාන්ත ඇතිද?
        ආදරය කිරීමට දෙදෙනෙකු අවශ්‍යමද? නැත.ඒකපාර්ශ්වික ආදරය කියන්නේ අනෙක් හැමදේටම වඩා හරිම ලස්සන දෙයක්.විශ්ව විද්‍යාලය තුළත් මෙවැනි, ප්‍රකාශ කිරීමට නොහැකි වූ නමුත් මුළු හදින්ම තමාගේ කරගත් ඒකපාර්ශ්වික ප්‍රේමයන් දකින්න පුළුවන්.
              එවන් ආදරයක් හිමි වූ සරසවි මිත්‍රයෙකුගේ සිතැඟි කවියකට නැඟුනු අයුරැයි මේ...
       

     
       "මල් සරා ගී සරසවි හැඩකාරී
       නීල් දෑස මත් කරාවී
       දිගු වරල සුළඟේ දඟ කරාවී
       ඇයයි මගේ උරැමකාරී....

පොත් මිටිය උකුලේ තබාවී
දෙනෙත් බිමට හෙළාවී
ඇය මගෙම කියා සිතේවී
ඇයයි මගේ උරැමකාරී....

               ඇගේ දෙනෙත් ඉඟි කරාවී
               දුර ඈතක මා ගෙනයාවී
               ආයෙත් මා සනසාවී
               ඇයයි මගේ උරැමකාරී...."




Comments

Post a Comment