බලන් ඉමු අපි මල් පිපෙන හැටි
ගැලවිලා පෙති වැටෙන හැටි
ආදරය හැර සියළු දේවල්
හිමිවෙලා මඟහැරෙන හැටි
එදා ඔබ මගෙ ළඟම හිටි
වෙන්වෙලා දුර ඇදුණු හැටි
නෙතට කඳුලක් අරන් ආවත්
ආදරේ මිය නොගිය හැටි
සොඳුරැ කාලය ගලන හැටි
මතක අමතක කරන හැටි
සිතට සතුටම අරන් ආවත්
ඔබව අමතක නොවන හැටි.....
PerfPerf
ReplyDelete😂😂😂
ReplyDelete