Crush eka

ලොව නිසසල වී නවතින මොහොතේ 
යටිහිත් මතුකර සිනා සලා ඉමු
ලොව දොඬමළු වී නෙත් මානන කළ
අපි දෙන්නා ඉමු තරහ වෙලා

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා සිරකරගනු මැන

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරැ
⁣බොඳ වී යයි ආදරයක ලස්සන
දෙසිතේ සිරවී ඇති තුරැ පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

                                       -හෂී-




   


Comments

Post a Comment