මේ දිනවල සමාජයේ මහත් ආන්දෝලනයට පත්වෙලා තියන මාතෘකාවක් තමයි මරණ දඬුවම.එහෙමත් නැත්නං එල්ලුම් ගහ කියන්නේ.ඇත්තටම" ගහෙන් කොළ එන්නාසේ" හිටිගමන්ම අපේ ජනාධිපතිතුමාගේ නිවේදනය වුනේ මරණ දඬුවම නැවත ගෙන ඒමත් එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමත් ය.විවිධ පුද්ගලයින් මෙහි හොඳ,නරක පිළිබඳ වාද විවාද නිර්මාණය කරද්දි මමත් හිතුවා එල්ලුම් ගහේ කතාව ගැන ටිකක් මතක් කරන්න.
"කොළ නැති ගස" ලෙස හඳුන්වන එල්ලුම් ගස පිටුපස ඇත්තේ සුවිශේෂි වූ කතාවකි.මෙරට ප්‍රෞඩ ඉතිහාසය තුළ රාජකියන්ගේ උදහසට ලක් වූ ඕනෑම අයෙකුට මරණ දඬුවම උරැම විය.ඇතුන් ලවා පෑගවීම,තෙල් කටාරමේ දැමීම වැනි දඬුවම් ක්‍රම ඉන් කීපයකි.මේ දරදඬු ප්රතිපත්තියත් පසු කාලයේ එල්ලුම් ගස නියම කිරීමට එක් හේතුවක් විය නොහැකිද?
කෙසේ නමුත් අතීතයේදී එල්ලුම් ගස විවිධ අවස්ථාවල ක්‍රියාත්මකව තිබී තහනමට ලක් වූ දඬුවම් ක්‍රමයක් විය.ප්‍රථම වරට මෙරට එල්ලුම් ගස ක්‍රියාත්මකව ඇත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිත අවධියේ ය.එක් අවස්ථාවක වතු අධිකාරිවරයෙකු ව සිටි අයෙක් විසින් වතු කම්කරැවෙකු මරා දැමිම සම්බන්ධයෙන් ඔහුට මරණ දඬුවම නියම කර ඇත.ඉන් පසු මෑත කාලීනව එල්ලුම්ගස ක්‍රියාත්මක වූ විශේෂ අවස්ථාවක් වූයේ බණ්ඩාරනායක මිනීමැරැම් චෝදනාව යටතේ සිරගෙට නියමව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත,h.p ජයවර්ධන, ආදී කීපදෙනෙක්ම එල්ලුම් ගසට නියම කිරිමයි.
මේ ආකාරයට අතීතයේ ත් එල්ලුම් ගස මරණය පාමුලට ගෙන ඒමෙන් සමාජය තුළ යහපත ප්‍රතිෂ්ඨාපනය කිරිම අරමුණු වන්නට ඇත.එල්ලුම් ගස හිමි වූ පොලිස් නිළධාරියෙකු ගැනත් ඉතිහාසයේ ලියවී ඇත.ඔහු සන්සෝනි පෙරේරා නම් විය.
මෙවැනි ඉතිහාසයක් හිමි එල්ලුම් ගස නැවත කරළියට ගෙන ආවේ වර්මතමානයේ මත්ද්‍රව්‍ය ජාවාරමකරැවන් තුරන් කිරීමට බවයි පාලක පන්තියේ අදහස.කෙසේ නමුත් ලංකා නීතිය යටතේ එල්ලුම් ගසට නියම වන පුද්ගලයා එල්ලා මරණ දිනය තීන්දු කරන්නේද ජනාධිපතිවරයාම ය.
එල්ලුම් ගස ක්‍රියාත්මක වන ආකාරයත් මෙහිදී මතක් කළ යුතුයි.එහි ක්‍රියාපිළිවෙතත් යම් තරමින් ඔබට අනුකම්පාව දනවන්නක් වේවි.නිසැකවම මරණ දඬුවම හිමිවූවන් වෙනම සිර මැදිරියකට දමා තබයි. ශරීර ව්‍යායාමය සඳහා පමණක් එය විවෘත කරන අතර එල්ලුම් ගස නියම වන දිනයට පෙර දිනයේදි බර කිරා බරට සරිලන වැලි ගෝනියක් එල්ලා එල්ලුම් ගසේ ලණුව ක්‍රියාත්මක කර පෙර පරීක්ෂණයක් ද සිදු කරනු ලබයි. ඔබට නම් මෙය විකාරයක් යැයි සිතෙන්නට පුළුවන්.ඔව් ඇත්තටම ඒ අවස්ථාවට ඔබ මුහුණ දුන්නොත් ????? එක් අතකින් ඔබ සිතාවි අපරාධකාරයෙකුගෙ හිත් ගල් වගෙයි කිසි දුකක් දැනෙන එකක් නැ කියලා.නැහැ ඇත්තටම එහෙම නෙවෙයි ගොඩක් ගල් හිත් තිබුණු අපරාධකාරයින් පවා මේ මෙහොතමරණ බයෙන් වෙවුලනවා.
වැදගත්ම දේ තමයි සිරකරැවා මානසිකව පෝෂණය කිරීමට ත් සිරමැදිරියේ නිළධාරින් කටයුතු කිරිම."සිරකරැවෝ ද මනුෂ්‍යයෝ ය" බව සිතා ඔවුන් ගේ අවසන් කැමැත්ත යම් තරමින් හෝ ඉටු කරදීමට ඔවුන් කටයුතු කරති.ඒ වගේම ඔවුන් කැමති ආගමික නායකයෙකු ලවා ධර්ම දේශනයන් සිදුකිරීමටත් කටයුතු කරති.
එල්ලුම් ගස ගැන නිවැරදි තොරතුරක් නොදත් කවුරැ වුනත් අලුගෝසුවා ගැනනම් දැනුවත් ඇති.ඒ තමයි එල්ලුම් ගස ක්‍රියාත්මක කරන පුද්ගලයා.ඔහුට ලබාදෙන වැටුපේ ස්වභාවය නිසාම උපාධිධාරීන් පවාමේ තනතුරට ඉල්ලුම් කරන බව නම් නොරහසකි.
බෝගම්බර හා වැලිකඩ බන්ධනාගාර තුළ මේ එල්ලුම් ගස දැනටත් දකින්නට හැකි වුවද බොහෝ කළක් එය ක්‍රියාත්මක නොවීය.එය තහනමට ලක් කළ යුතු බව මුලින්ම යෝජනා කළේ ඩී.එස් සේනානායක මහතාය.නමුත් එය ප්‍රතික්ෂේප විය.මේ ආකාරයට අවස්ථා කීපයකදීම එල්ලුම් ගස තහනමට යෝජනා ගෙන ආවද සියල්ල ප්‍රතික්ෂේප වී අවසානයේ සිරකරැවා දෙස මානුෂිකව බැලූ S.W.R.D බණ්ඩාරනායක මහතා විසින් එම තහනම ස්ථීර කෙරිණි.මේ වන විට එල්ලා මැරිමට නියම ව සිටි මරදන්කඩවල යකඩයා,කපිතාන් ආතර් පෙරේරා ආදි කීපයක් ම එම දඬුවමෙන් ලිහිල් කර ඇත.
නමුත් පාලක පංතියේ විවිධ මත ගැටුම් සමඟ එල්ලුම් ගස නැවත ගෙන ඒමට ත් විවිධ යෝජනා ඉදිරිපත් වුවද එය ස්ථීර නොවීය. ශ්‍රී ලංකාව තුළ සිදුවන අපරාධ පිළිබඳ සිතාබලන විට එල්ලුම් ගස අත්‍යවශ්‍ය බවත් විටෙක සිතේ. ශ්‍රීලංකාව බෞද්ධ රටක් වීම නිසා ජීවිතයක් මරාදැමීම අපරාධයක් යැයි ද සිතිය හැක.එනමුත් මිනීමරැවෙකු,දූෂිතයෙකු,අපරාධකාරයෙකු නිදැල්ලේ හැසිරිමට වඩා මරා දැමීම උචිත යැයි ඇතැම් අයගේ මතය විය හැක.සත්‍ය වශයෙන්ම මේ තුළ යහපත් අයහපත් දෙකම පවතින බව සැබෑවකි.
වර්තමාන ජනාධිපතිතුමා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් තුරන් කිරීම සඳහාම එල්ලුම් ගස ගෙන එමින් මතට තිත තැබීමට දරණ උත්සාහය පිළිබඳ අගය කළ යුතු ය.නමුත් මෙහි අලුත්ම පුවත වන්නේ ජනාධිපතිවරණය අවසන් වන තුරැ එල්ලා මැරීම තාවකාලිකව අත්හිට වූ බවයි.ඉතිං මේ එල්ලුම්ගසත් ගසත් ඡන්ද ගුණ්ඩුවේම කොටසක්ද යන්නත් නොසිතෙනවාම නොවේ.
.

😯😯😯
ReplyDelete🙋♀️
ReplyDelete