ආදරය නැති තැන ජීවිතයක් කොයින්ද?

ආදරය කියන්නේ ඇත්තටම හරිම පුදුම දෙයක්.මං මෙහෙම කීවොත්, මේ ලෝකයේ පැවැත්ම රැඳිලා තියෙන්නේ ආදරය මතයි කියලා..එය සත්‍යයක්.ඒක මනින්න මිනුම් දණ්ඩක් නම් තාම හොයාගෙන නැහැ ඒකත් හරියට විශ්වයට වගේ ඉමක් කොනක් නැති සීමාවන් නැති ලස්සන දෙයක්.
      මේ ආදරය කෙනෙකුට ලැබුනම එයාගෙ ජීවිතේ නොදැනුවත්වම ශක්තිමත් වෙනවා.ඔබත් එය පිළිගන්නවා ඇති.
     ඇත්තටම මිනිස්සුන්ට පමණක් නොවෙයි සතුන්ගෙ ලෝකය තුළත් මේ ආදරය රැඳිලා තියෙනවා.සතා සිවුපාවුන්,ගහකොළ,හිරැඑළිය,ජලය,වාතය මේ හැමදෙයක්ම මිනිස් ජිවිතය හා යා වුනු දම්වැලක් වගෙයි.ඉන් එක පුරැකක් හෝ අකර්මන්‍ය වුනොත් අනික් හැමදේමත් විනාශ වෙලා යනවා.ඒ නිසා මේ දම්වැල එහෙමත් නැත්නම් මේ ජීවන චක්‍රයට අදාළ සෑම දෙයක්ම රඳා පවතින්නේ ආදරය,සෙනෙහස කියන සාධකය මතයි.ඒ තුළින් තමයි ලෝකයේ පැවැත්ම තීරණය වෙන්නෙ.බලාපොරොත්තුවේ සේයාවන්,මනෝ මන්දිරයන් ඉදිවෙන්නේ.මෙය මිනිසුන්ට පමණක් පොදු ධර්මතාවයක් නම් නොවේ.
  ⁣නමුත් අනෙක් සත්වයාට වඩා මිනිසාට මේ ආදරය කියන දේ දැනෙනවා හුඟක් වැඩියි.ආදරය කියන්නේ ජීවිතයටයි කියලා කෙනෙක් කීවොත්? ඔව් එය නිවැරදියි.ආදරය තියෙන තැන ජීවිතය විඳින්න පුලුවනි.මේ ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියලා ඔප්පු කරන්න තියෙන හොඳම උදාහරණය තමයි ටජ්මහල.
 ඒත් කොයි විදිහට ආදරේ සුන්දරයි කියලා වර්ණනා කරත් උපමා උපමේය ගෙන හැර දැක්වුවත් මේ ආදරයේ භයානක පැත්තකුත් තියෙනවා.කෙනෙකුට ලැබුණු ආදරය නොලැබී යනකොට,නැතිනම් ආදරය මඟ හරින බව දැනුනොත් ඒ තැනැත්තා කරන කියන දේ මේ යැයි සිතාගත නොහැකියි.සමහරවිට මිනීමරැවෙක් වෙන්නත් නැත්නම් සියදිවි නසාගන්නත් එය හේතුවක් වෙන්නත් පුලුවන්.නැතිනම් සිහිවිකලෙන් ජීවිතය කාලකන්නි කරගන්න තියෙන ඉඩකඩ වැඩියි.
  මේ නිසා ඔබ ඔබේ ආදරය පූජනීයව සළකන්න.පණ මෙන් රැකගන්න.අන්න එතකොටයි ඔබටත් පෙරළා ආදරය සෙනෙහස ලැබෙන්නේ.සමහරැ නම් ආදරය බව අඟවලා අනික් අයගෙ ජීවිත වලට දුකක් දීලා යන්න බලන් ඉන්නවා.ඒත් ඒක නිවැරදි නැහැ නේද?.අපි යම් දෙයකට හදවතින්ම ආදරය කළොත් තමයි පෙරළා අපිටත් ආදරය ලැබෙන්නෙ.එහෙම නැතිව මං කන්න ආස දේවල් හදලා දෙනවා.ඇඳුම් හෝදලා දෙනවා,ඒත් මට කවුරැත් ආදරේ නෑ..මේ මං ලබා උපන් හැටි කිය කියා කිියවලා වැඩක් නැහැ.
           හිතන්න,ආදරය ගැන අධ්‍යයනය කරන්න,එවිට ඔබ පතන ආදරය ඔබ ළඟටම පැමිණේවි❤️
 
                                _හෂී_

Comments

Post a Comment