සුවහසක් ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන්ගේ නවමු අත්දැකීම "විජයබා කොල්ලය".
සම්මානනීය සිනමා අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මීළඟ දැවැන්ත සිනමා නිර්මාණය වන විජයබා කොල්ලය රිදී තිරයට පැමිණිමට ඇත්තේ තව දින කීපයක් පමණයි.අගෝස්තු 1 දින මෙය ප්‍රේක්ෂකයන් අතට පත් වන අතර මහා ගත්කරැ W.A සිල්වා ගේ අතිශය ජනප්‍රිය වු විජයබා කොල්ලය ඇසුරින් කළ නිෂ්පාදනයකි.මෙහි තිරනාටකය,නැසී ගිය සිනමාවේදී තිස්ස අබේසේකරයන්ගේ ය.
යුගයේ ජනප්‍රියතම රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් හැඩ වූ මෙහි ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ සොනාලි ෆොන්සේකා,හේමාල් රණසිංහ,අශාන් ඩයස් හා සෙසු චරිත ලෙස ප්‍රිති රන්දෙණිය,බුද්ධික ජයරත්න,සචිත්‍ර දිසානායක යන අයයි.මීට අමතරව චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණය,රෝහණ වීරසිංහ සංගිත අධ්‍යක්ෂණය,සංඛ අබේසිංහ නර්ත අධ්‍යක්ෂණයෙන් හා ගීත ගායනය උමාරියා සිංහවංශ,සනුක වික්‍රමසිංහ වැනි ක්ෂේත්‍රයේ නිපුණත්වයකින් යුත් ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් මෙය නිර්මාණය වී ඇත.
මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන සොනාලි ෆොන්සේකා රංගනයෙන් දායක වූ "සිරි පැරකුම්" සිනමාපටයෙන් අනතුරැව ප්‍රධාන චරිත දායකත්වයකින් ප්‍රේක්ෂකයා අතරට එන පළමු චිත්‍රපටය වීමද විශේෂත්වය කි.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ,
ශ්‍රී ලාංකිය තුළ ප්‍රචලිත ඉතිහාසය අඳුරැ කළ මහා වියවුල "විජයබා කොල්ලය" තුලින් සුනිල් ආරියරත්නයන් හට සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමට හැකිවේද? බලා සිටිමු.
👍👍👍
ReplyDeleteNiyamai....
ReplyDeleteNiyamai
ReplyDelete😮
ReplyDelete