උපතේ පටන් අපි කවුරැත් කුමක් හෝ සංස්කෘතියකට,ආගමකට,සිරිත් විරිත් පද්ධතියකට අයත් වෙනවා.නමුත් ඒ දේවල් අපිට කවදාවත් නුහුරැ විදිහට දැනිලා නැහැ.නමුත් මේ කියන්න යන්නේ ලෝකයේ විහිදී සිටින ඇතැම් සමාජ කන්ඩායම් අනුගමනය කරන ඔවුන්ට කිසිම අමුත්තක්,අප්රිය බවක් නැති වුනත් බලන් ඉන්න අනෙක් අයට අමුතු දේවල් වූ අරැම පුදුම සිරිත් කීපයක්.
සැටරේ මාවේ ගෝත්රයේ දළ කඩි අත් ආවරණය
ලොව ඇති ඉතාම වේදනාත්මක වැඩිවිය පැමිණීමේ චාරිත්රය ලෙසයි මෙය සැළකෙන්නේ.ඇමසන් වනයේ වෙසෙන ගෝත්රික කණ්ඩායමක් වන සැටරේවරැන්ගේ පිරිමි දරැවෙකු වැඩිහිටි පිරිමියෙකු ලෙස සැලකිමට නම් මේ අරැම පුදුම චාරිත්රය සිදු කළ යුතුමය.
කරන්නට තිබුණේ කුහුඹුවෙක් ලවා දෂ්ඨ කරගැනීම පමණි.නමුත් මෙම කුහුඹුවා එසේ මෙසේ එකකු නම් නොවේ.bullet ant ලෙස හඳුන්වන මෙම කුහුඹුවා අපි දන්නා දළ කඩියාගේ ස්වරෑපයට සමානයි.කෘමි වර්ගයේ සතෙක් සැපීමෙන් ඇතිවන බලවත්ම වේදනාව මෙම කුහුඹුවාගෙන් නැගෙන බවයි පවසන්නේ.
ඉතිං පිරිමි දරැවා ලිංගික සංක්රාන්තියට පත්වීමෙන් පසු ග්රෝත්රයේ සිටින වෙදකම් කරන්නා සමඟ වනයට ගොස් මෙම කුහුඹුවන් එකතු කර වෙදැදුරා දෙන යම් ශාකසාරයක් මඟින් කූඹියන් මත්කිරිම සිදුවේ.පසුව ඔවුන් මසන ලද අත්වැස්මක් තුළට දමා දරැවාගේ අතද ඒ තුලට දැමීම සිදුවේ.එපමණක් නොවේ විනාඩි 10ක් පමණ ඔහු මෙම වේදනාව ඉවසාගත යුතුයි.ඔහුට දැනෙන මේ වේදනාව අමතක කිරීමට ඔහු විසින්ම නැටුමක්ද ඉදිරිපත් කළ යුතු වේ.
වඩාත් ම ලොමුඩැහැ ගැන්වෙන කරැණ නම්,මේ ගෝත්රයේ වැඩිහිටි පිරිමියෙකු ලෙස සැළකුම් ලැබීමට නම් මේ වේදනාව 20 වරක්වත් ලැබිය යුතු වීමයි.
දුක් වන්නට ඇඟිලි කපගන්නා ඩානි ගෝත්රිකයෝ
ඩානි නම් ගෝත්රිකයින් ජීවත් වෙන්නේ බටහිර පැපුවා නිව්ගිනියාව තුළයි.මොවුන් තම පවුලේ සාමාජිකයින් මිය ගිය විට ශෝකය ප්රකාශ කරන ක්රමයක් ලෙස ඇඟිලි කපාගනිති. ඔවුන්ගේ තවත් සිරිතක් වුයේ,තමන් කැමති කෙනෙකුට ආදරය ප්රකාශ කිරීමටත් සිය ඇඟිලි කපා ගැනීමයි.
තම සැමියා හෝ බිරිඳ මිය ගිය විට ඔහුට/ඇයට ඇති ආදරයේ සංකේතයක් ලෙස ඇඟිල්ලක් කපා මළමිනිය සමඟ මිහිදන් කරති.
මේ චාරිත්රය ඉටු කිරීමෙන් දෙදෙනා අතර සදාකාලික බැඳීම අපේක්ෂා කෙරේ.එක් අයෙකු කපා දමන ඇඟිලි ප්රමාණය අනුව ඒ පුද්ගලයා ආදරය කරන ලද ප්රමාණය තීරණය කරති.
මේ නිසා ඇඟිලි සියල්ලම කපා දැමීමට වුවත් ඔවුන් සූදානම් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ...
යනොමාමි ගෝත්රිකයින් වෙසෙන්නේ වෙනිසියුලාවේ හා බ්රසීලයේ.ඔවුන් අදහන එක් චාරිත්රයක් වූයේ මියගිය සිය සහෝදරයාගේ ආත්මයට සාමය සමාදානය ලබාදීම පිණිස ඔහුගේ මළසිරැර පුලුස්සා ඉතිරි වන ඇටකටු වල කුඩු හා අළු කෙසෙල් ගෙඩි වලින් සෑදූ සුප් සමඟ මිශ්ර කර පානය කිරීමයි.
මෙසේ සිදුකිරීමෙන් මියගිය පුද්ගලයාගේ ආත්මය සදාකාලිකව තමා සමඟ වෙසෙන බවයි ඔවුන්ගේ විශ්වාසය.
මෙසේ සිදුකිරීමෙන් මියගිය පුද්ගලයාගේ ආත්මය සදාකාලිකව තමා සමඟ වෙසෙන බවයි ඔවුන්ගේ විශ්වාසය.
Maru bn ela aa
ReplyDeleteAmmoo eka
ReplyDeleteEla
ReplyDeleteWow supiri
ReplyDeleteWow
ReplyDeletewow supiri ��
ReplyDeleteAmmoo eka....
Delete👍👍👍
ReplyDeleteEla
ReplyDelete😭😭
ReplyDelete