ගෝඨා වෙනුවෙන් අල්ලපු අපූරු ඔට්ටුව



පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් නොකරන බව පවසා සිය යතුරුපැදිය ඔට්ටු ඇල්ලු පුද්ගලයෙක් පිළිබඳ අපූරු පුවතක් වාර්තා විය.
    
සිය යතුරුපැදිය අහිමි කරගෙන ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථාන තුනක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුභ පැතුම් පුවරු සවිකර දීමට එම පුද්ගලයා අනෙක් ඔට්ටුකරුගේ එකඟතාවය ඉල්ලා ඇති බව වඳුරඹ ඌරල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නාගොඩ ප්‍රදේශීය සභාවේ සේවය කරන සුළු සේවකයින් දෙදෙනෙකු පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා නොකරන බවට එක් සේවකයකු පවසා තිබේ.
එහෙත් අනෙක් සුළු සේවකයා පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා නියත වශයෙන් නම් කරන බවයි.

ඒ අනුව දෙදෙනා විසින් පැමිණි එකඟත්වයට අනුව එක් සේවකයෙකු එක්ලක්ෂ පනස් දහසක මුදලක් ඔට්ටු අල්ලා ඇත.
අනෙක් සේවකයා සන්තකයේ මුදල් නොවූ තැන ඔහු විසින් නීතිඥයකුගේ ඉදිරියේ තම යතුරුපැදිය ඔට්ටු අල්ලා ඇත.

ගිවිස ගත් පරිදි ඔට්ටුව බේරා ගැනීමට එක අයකු සතුව මුදල් නොමැති වීමත් සමඟ යතුරුපැදිය ලබා දුනහොත් තම රාජකාරි කටයුතු සිදු කරගැනීමට නොහැකි බැවින් ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතීමේ පුවරු තුනක් ඔහුගේ වියදමින් සවි කරන බවට නීතිඥ මහතා ඉදිරියේ පොරොන්දු වීමෙන් පසු අදාළ ඔට්ටුව නිරාකරණය කරගෙන ඇත.
-Copied-






Comments