දඹානෙන් පළමු වරට සරසවි වරම් ලද කැකුළිය - ඩී.එම් සමන්තිකා දිසානායක
_________________________________________________
දඹාන, ගුරුකුඹුර ගම්මානයේ ජිවත්වන ඩී.එම් සමන්තිකා දිසානායක මේ වනවිට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, දෘශ්‍ය කලා පීඨයේ අධ්‍යාපනය ලබන්නීය.
ඌරුවරිගේ කමලාවතී සහ ඩී.එම් රත්නපාල යන දෙමව්පියන්ගේ දියණිය වන ඇය පළමු ශ්‍රේණියේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා දඹාන කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.
පසුව මහියංගනය ජාතික පාසලට ඇතුළත් වූ ඇය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත්ව සරසවි වරම් හිමි කරගෙන ඇත්තේ 2016 වසරේදීය.
පාසල් වියේ පටන් චිත්‍ර තරඟවලට ඉදිරිපත් වී ඇති සමන්තිකා අවස්ථා රැසකදී ඌව පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගෙන ඇති අතර සමස්ත ලංකා මට්ටමින් ද ඇගයීමට ලක්ව තිබේ.
තමන් මෙන්ම ආදිවාසී පරපුරේ සෙසු “කැකුළියන්” ද අනාගතයේදී උසස් අධ්‍යාපනයට යොමු වනු දැකීම සිය අපේක්ෂාව බව සමන්තිකා දිසානායක බීබීසී සිංහල සේවයටද පවසා තිබුනා.
මේ අතර ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් කියා සිටියේ මහියංගනය, දඹාන ප්‍රදේශයේ සිය පරපුරට සම්බන්ධ “කැකුළියක්” පළමු වරට විශ්වවිද්‍යාලයට තේරී පත්වීම අභිමානයට කරුණක් බවය.
තම පරපුරේ “කැකුළන් සහ කැකුළියන්” උසස් අධ්‍යාපනයට යොමු වීම ආදිවාසී වර්ගයාගේ අභිවෘද්ධියට හේතු වනු ඇති බව ඔහු කියා සිටියේය.

Comments
Post a Comment