ඩිස්නි : කාටූන් සිනමාවේ          දැවැන්තයා





MR.walt disney
සජීවීකරණය (animation) අද සිනමාවේ ඉතා දියුණු අංශයකි. ආරම්භක යුගයේ මෙය cartoon ලෙස හඳුන්වන ලදී. මෙම ශිල්පය වර්ධනය කිරීමේ ලා පුරෝගාමි වූයේ වෝල්ට් ඩිස්නි (walt disney) නම් පුද්ගලයා යි. 1901 වර්ෂයේ දෙසැම්බර් 05 දින චිකාගෝ නුවර උපන් ඔහු ළමා කාලය ගත කර ඇත්තේ ගොවිපළකයි. මුල් කාලයේ පටන්ම ඉතා අලංකාරවත්ව ගොවිපළේ සිටි සතුන් චිත්‍රයට නැගූ විට අසල්වාසීන් ඒවා මිලදී ගත්හ. තම චිත්‍රපට සඳහා සත්ව චරිත නිර්මාණයේදිිිඔහු සතුව තිබූ මෙම හැකියාව හා අත්දැකීම බලපා තිබේ. 

           දෙවැනි ලෝක යුධ සමයේදී ඔහු හමුදාවට බැඳිමට අදිටන් කළද එය නො⁣හැකි වූ විට ගිලන් රියැදුරෙකු ලෙස ප්‍රංශයට ගියේය. ඔහු ඩිස්නි වෙළඳ දැන්වීම් සකසන්නට හා කාටූන් ඇඳීම ආරම්භ කළේ ඉන් අනතුරැවයි. මුලින්ම ප්‍රචාරක ආයතනයක කාටූන් චිත්‍ර අඳින්නකු ලෙස සේවයේ යෙදුණු ඔහු අනතුරැව LAUGH-O-GRAMS FILMS ලෙස ආරම්භ කළ ව්‍යාපාරය 1923 දී වසා දමන්නට සිදු විය. අනතුරැව තම සොහොයුරැ රෝයි සමඟ හොලිවුඩ් හිිි නව ව්‍යාපාරයක ආරම්භ කළේය. ව්‍යාපාරය සාර්ථක වන ලකුණු දක්නට ලැබිණි. 

                ඩිස්නි මුල් වරට සජීවිකරණයට උපයෝගී කරගත් චරිතය ඇලිස් නම් ගැහැණු දරැවෙකි. 1923 වසරේ අගෝස්තු මස ඩිස්නි හොලිවුඩ් නගරයට පැමිණියේ ' ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් ' චිත්‍රපටයත් සමඟයි. ලොව පුරා ඉතා ජනප්‍රියත්වයට පත් වූ මෙහි ඇලිස් නම් කුඩා දරැවකුගේ අත්දැකීම් කාටූන් ක්‍රමයට නිර්මිත ලෝකයක් ඇසුරින් සජීවි ලෙස මුසු කර දැක්වීය.  

ඩිස්නිගේ මීළඟ ආකර්ෂණීය සිනමා නිර්මාණයට යොදාගත්තේ මීයෙකු චරිතයකි. වර්තමානයේ පවා ලොකු කුඩා කා අතරත් ප්‍රචලිත ' මිකී මවුස් ' නාමය ආරම්භ වූයේ ඩිස්නිගේ එම චිත්‍රපටය හරහාය. මුලින්ම කළු සුදු රෑප හැටියට තත්පර ගණනක කෙටි චිත්‍රපටයක 'මිකී' නම් මීයාගේ චරිතය හඳුන්වාදෙනු ලැබිණි. මෙම චරිතයේ විනට ස්වරෑපයට මෙන්ම ක්‍රියා කරන ආකාරයේ අපූර්වභාවය සිත්ගන්නා ලක්ෂණයක් විය. බොහෝ අයගේ මතය මීයා යනු අපිරිසිදු , විනාශකාරී සතෙකු බවයි. නමුත් ඩිස්නි නිර්මාණය කළ මිකීමවුස් බෙහෙවින් කෙළිලොල් කඩිසර බුද්ධිමත් සතෙකු ලෙස නිරෑපණය කිරීම නිසාම එය ලොකු කුඩා කා අතරත් ඉතා ඉක්මනින් ජනප්‍රිය විය.  මිකී මවුස් මගින් යම් ප්‍රතිරෑපයක් ලෝක ජනතාවට මවා පෙන්වීමට සමත් විය. ඒ අනෙකක් නොව ඇමෙරිකානු වූද, ප්‍රියජනක වීරයෙකි. 



ඩිස්නි කිසියම් ඉන්ද්‍රජාලික චින්තනයක් ඇති පුද්ගලයෙකු ලෙස සළකනු ලැබේ. ස්වභාවික ලොව කිසිදා දක්නට නොලැබෙන පරිදි උඩට හා පැත්තට ඇදෙන රබර් බඳු සිරැරැ ඇති සතුන් හා අපූරැ ලෙස කටවල් ඇද කොට සංවාදයේ යෙදෙන සතුන්ද ඇති කරන්නේ තීව්‍ර වූ මායාමය රසයකි. 
වෝල්ට් ඩිස්නි අනුකරණය කරමින් එවැනි සජීවීකරණ චිත්‍රපට බොහොමයක් නිෂ්පාදනය කරනු ලැබුවත් ඩිස්නිගේ නිෂ්පාදනය තරම් පිරිපුන් බවක්, විශිෂ්ට නිමාවක් එහි දක්නට නොවිණි. මීට ප්‍රධාන හේතුවක් වූයේ ඩිස්නි හා ඔහුගේ සිනමා ශිල්පීන් පිරිස ඉතා සංවේදීව නිරෑපණ ඉදිරිපත් කිරීමේ දැඩි උවමනාවකින් සිටි පිරිසක් වීමයි.අනුවේදනීය අවස්ථා මෙන්ම සරල එහෙත් සටකපට චරිත මගින් ස්වභාවයෙන් අවිහිංසක චරිතයක් රවටන අන්දම ඔහු දක්ශ ලෙස සිනමා කෘති ගණනාවකම දක්වා ඇත. 

වර්ණ ගැන්වීමේදී පවා ඩිස්නි චිත්‍රපටවල විශේෂිත බවක් දක්නට ලැබේ. පැහැයන් හා චරිත ලක්ෂණ ගැළපෙන අන්දමද, පසුතල භූමි දර්ශණ හා සජීවිකරණ රෑප අතර ගැඹුරක් ඇති කිරීමටද වර්ණ ගැන්වීම උපයෝගී කරගෙන ඇත. බොහෝ විට දුර රෑප මගින් ස්වභාවික භූමි දර්ශන, අහසේ පැහැයන් සිත් බඳනා ලෙස ඉදිරිපත් කරයි.  
1937 දී ඔහු විසින් නිර්මාණය කළ " ස්නෝවයිට් ඇන්ඩ් සෙවන් ඩුවොෆ්ස් " චිත්‍රපටය සම්පූර්ණ දිග වෘතාන්ත ගණයේ සංගීතමය කාටූන් චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය වු අතර 1939 දී ඒ සඳහා ඔස්කාර් සම්මානද හිමි විය.

ඉන් පසුවත් පිනෝකියෝ, ඩම්බෝ, බාබි ඇන්ඩ් ෆැන්ටැසියා යන අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් ඔහු නිර්මාණය කළේය. ඩිස්නි නිර්මාණය කළ තවත් අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූයේ " ලයන් කිං " ය.මෙය චිත්‍රපට ඉතිහාසයේ වැඩිම මුදලක් උපයා ඇති අතර චිත්‍ර ශිල්පීන් 600ක් පමණ ඊට දායක වූ බව පැවසේ.ඊට අමතරව ඩිස්නි නිර්මාණය කළ ටාසන්, සින්ඩරෙල්ලා ආදිය විග්‍රහ කිරීමේදී අනාථ දරැවෙකුට හෝ පැටියෙකුට රැකවරණය දීම, කරැණාව, ආදරය රැකබලාගැනීම ආදී ලක්ෂණ මතු කරන ආකාරය දක්නට හැකිය. නිතර දක්නට ලැබෙන කුඩා දරැවන්ගේ සිත්හි පහළ වන බිය මෙන්ම එය පහවී රැකවරණය ලැබෙන ආකාරය හා යහපත් අය ජය ගන්නා ආකාරය ඩිස්නි කතාන්දරවල දක්නට ලැබේ. 









Comments